මීට වසර 11කට පෙර පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කර විසිර යමින් සිටි වැලිවේරිය – රතුපස්වල ප්රදේශවාසීන් 03 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනුකළ නඩුවේ තීන්දුව අද (17) ලබාදුන්නා.
ඒ අනුව මෙම නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටයි ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේ.