― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරතුපස්වල නඩු තීන්දුව අද

රතුපස්වල නඩු තීන්දුව අද

මීට වසර 11කට පෙර පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කර විසිර යමින් සිටි වැලිවේරිය – රතුපස්වල ප්‍රදේශවාසීන් 03 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනුකළ නඩුවේ තීන්දුව අද ලබාදීමට නියමිතයි.

ඊට අදාළ තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බව පසුගිය අප්‍රේල් 30 වැනිදා ගම්පහ විශේෂ මහාධිකරණය ප්‍රකාශ කළා.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කර විසිර යමින් සිටි වැලිවේරිය – රතුපස්වල ප්‍රදේශවාසීන් 03 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් 45 දෙනකුට තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 30 වැනිදා ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත්, එදින තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනය දක්වා කල් තැබීමටයි ගම්පහ විශේෂ මහාධිකරණය නියෝග කළේ.

2013 වසරේ අගෝස්තු 01 වැනිදා රතුපස්වල ප්‍රදේශයේ පැවැති විරෝධතාවයක් නිමකර යමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූ කහවිට ආරච්චිලාගේ දොන් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා හා පරණගම රාහුල්දුරගෙදර නිලන්ත පුෂ්පකුමාර යන තිදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

අනුර දේශප්‍රිය ගුණවර්ධන යන යුධ හමුදා බිග්‍රේඩියර්වරයාට සහ ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දන්දර මුදියන්සේලාගේ තිලකරත්න හා ලලිත් ග්‍රේ යන යුද හමුදා සාමාජිකයන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ 2019 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදායී.
චූදිතයන් විසින් සිදුකර ඇති වරදවල බරපතළ ස්වභාවය, එම වැරදි සිදුකිරීමට අදාළව ඉදිරිපත් වී ඇති අවස්ථානුගත කරුණු මෙන්ම ඒ සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හටගත් ආන්දෝලනාත්මක තත්ත්වය යනාදි සුවිශේෂී කරුණු සලකා බලා එවක නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම සලකා බලා අගවිනිසුරුවරයා විසින් එම නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරනු ලැබුවා.