27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවක වැටුප ගැන රජය ගත් තීරණය

රාජ්‍ය සේවක වැටුප ගැන රජය ගත් තීරණය

මෙම වර්ෂයේදී රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බවයි.

සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමඟ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම සාකච්ඡාවේදී වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසයි.

එහිදී අමාත්‍යවරයා නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේදී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් පවසා තිබෙනවා.