― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී ලාංකිකයෙක්ට එංගලන්තයේ නගරාධිපති ධුරයක්

ශ්‍රී ලාංකිකයෙක්ට එංගලන්තයේ නගරාධිපති ධුරයක්

එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයෙක් වන එලංගෝ එලවාලකන් මහතා, ඉප්ස්විච් නගරයේ නගරාධිපතිවරයා ලෙස පත් වී තිබෙනවා.

පසුගිය බදාදා ඉප්ස්විච් බෝරෝ කවුන්සිලයේ වාර්ෂික රැස්වීමේ දී පැවැති ඡන්දයේ දී ඒකමතිකව ඔහුව නගරාධිපති ලෙස තෝරා පත්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එලංගෝ එලවාලකන් මහතා 2024-25 සඳහා ඉප්ස්විච් නගරයේ නව නගරාධිපතිවරයා ලෙස තේරීපත්ව ඇති බව සඳහන්.

ඉප්ස්විච් නගර සභාවේ ප්‍රධානී නීල් මැක්ඩොනල්ඩ් විසින් නගරාධිපති ධුරය සඳහා කම්කරු පක්ෂය නියෝජනය කරන එලවාලකන් මහතාගේ නම යෝජනා කර තිබෙනවා.

එම නම යෝජනා කරමින් ඔහු පවසා සිටියේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නව නගරාධිපතිවරයා සිය ධුර කාලයේ දී වාසනාවන්ත වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ උපන් එලවාලකන් මහතා එක්සත් රාජධානියේ පදිංචි වීමට පෙර ඉන්දියාව, උගන්ඩාව සහ රුවන්ඩාවේ සේවය කළ අයෙක්.

ඔහු 2006 වසරේ දී එක්සත් රාජධානිය වෙත ගොස් ඇත්තේ සරණාගතභාවය ලබාගෙනයි.

ඉංජිනේරුවෙකු සහ කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති ඔහු දැනට ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි තොරතුරු වාර්තා වුණේ.