28.4 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහින්ගේ අවසන් කටයුතු හෙට (21) සිදු කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෙට (21) ටැබ්රිස් හිදී ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

ටෙහෙරාන් ටයිම්ස් පුවත් සේවය ඉරාන රජයේ නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කියා සිටියේ මෘත දේහ සියල්ල ඊට පෙර ටැබ්රිස් හි අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව වෙත ගෙන යන බවයි.

මේ අතර ඉරාන ජනාධිපතිගේ වියෝව වෙනුවෙන් ඉරානය තුළ දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර ඉරාන රතු කුරුස සංවිධානය නිවේදනය කළේ හෙලිකොප්ටර් අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපතිගේ සහ අනෙක් පුද්ගලයින්ගේ සිරුරු අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සොයාගත් බවයි.

ඇතැම් සිරුරු පිළිස්සී ඇති බැවින් සිරුරු හඳුනාගැනීම දුෂ්කර වූ බව ඉරාන හමුදා නිලධාරියෙක් පවසා තිබෙනවා.