27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඋපන්දිනය දා අවසන් ගමන් ගිය දැරිය

උපන්දිනය දා අවසන් ගමන් ගිය දැරිය

යාපනයේදී යුධ හමුදා රථයක ගැටීමෙන් තරුණියක් අද (20) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාදරවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සුදාකරන් සාරුජා නමැති තරුණියක් බවයි වාර්තා වන්නේ.

පුත්තූර් – කනකම්පුලියඩි මාර්ගයේ වීරවානි හන්දියේදී දැරිය කිරි රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

තුවාල ලැබූ දැරිය රෝහලට රැගෙන යාමට ප්‍රමාද වීම හේතුවෙන් අතරමගදී මියගොස් ඇති අතර යුවතිගේ දේහය අච්චුවේලි දිසා රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය යුද හමුදාව හා එක්ව විමර්ශන සිදුකරනු ලබනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ දැරියගේ උපන්දිනයද අද දිනයට යෙදී තිබීම විශේෂත්වයකි.