27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අයහපත් කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වීමත් සමඟ බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ගෙවුණු පැය 24 තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ හොරණ ප්‍රදේශයෙන්. එය මිලි මීටර් 116ක අගයක් ගෙන තිබුණා.