පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද යාවත්කාලීන වාර්තාවක මේ බව සඳහන් වනවා.
ඒ අනුව අත්තනගලු ඔයේ සහ කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් එම ජලාශ ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.