29 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිරිඳ ඝාතනය කර සැමියා පලා ගිහින්

බිරිඳ ඝාතනය කර සැමියා පලා ගිහින්

කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය සිය බිරිඳ සැමියා විසින් ඝාතනය කළ පුවතක් ලුණුගල පොලිස් වසමෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (19) දහවල් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලුණුගල, ජනතාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක කාන්තාවක්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා අතර පවුල් ආරවුලක් මත දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සැකකාර සැමියාට එරෙහිව බිරිඳ විසින් ආරක්ෂණ නියෝගයක් ද ලබාගෙන තිබූ බවයි පොලීසිය පවසන්නේ.

කෙසේනමුත් සැකකාර සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඝාතනයට ලක්වූ කාන්තාවගේ මෘත ශරීරය බදුල්ල මහ රෝහලේ තැන්පත්කර තිබෙනවා.

සැමියා සොයා ලුණුගල පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.