― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමහබැංකු සේවකයින්ගේ EPF ගැන පෙත්සමක්

මහබැංකු සේවකයින්ගේ EPF ගැන පෙත්සමක්

සාමාන්‍ය ජනතාවගේ වැටුප්වලින් සේවක අර්ථසාධක අරමුදල සඳහා අයකර ගනු ලබන මුදල් වෙනුවෙන් ගෙවනු ලබන පොලියට වඩා ඉහළ පොලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ අර්ථ සාධක අර මුදල් වෙනුවෙන් ගෙවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුන් මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වග උත්තරකරුකු වශයෙන් නම්කර සිටින ජනාධිපති ලේකම්වරයා වෙත මෙතෙක් නොතීසි යවා නොමැති බව කරුණු අනාවරණය වුණා.

ඒ අනුව වගඋත්තරකාර ජනාධිපති ලේකම්වරයා වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කියා සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ වැටුප් වලින් සේවක අර්ථසාධක අරමුදල සඳහා අය කරගනු ලබන මුදල් වෙනුවෙන් සියයට 11 ක වාර්ෂික පොලියක් ගෙවන බවයි.

ඒත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් ගෙන් අර්ථසාධක අරමුදල් වෙනුවෙන් සියයට 29 ක වාර්ෂික පොලියක් ගෙවීමට පියවර ගන්නා බවත් ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුව ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම ඉදිරිපත් කර තිබෙනවා.