― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලබන වසරේ සිට ලන්ච් ෂීට් භාවිතය තහනම්

ලබන වසරේ සිට ලන්ච් ෂීට් භාවිතය තහනම්

ලබන වසරේ සිට ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ සිට ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය තහනම් කිරීමට අදාළ නීතිමය කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසුවේ දිවයින පුරා තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් අලෙවිය දිගින් දිගටම සිදුවීම හේතුවෙන්, ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු යොදා ඇති බවයි.