30 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරණ වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසයට කොටු

හොරණ වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසයට කොටු

පසුගිය 05 වැනිදා හොරණ, ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසය පැවසුවේ සැකකරු ඊයේ (19) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි. මොහු යුධ හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

දින ගණනාවක් මුළුල්ලේ සිදුකල දුරකථන විශ්ලේෂණ වාර්තා නිරීක්ෂණවලින් පසු අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු පදිංචිව සිටි කුලී නිවසේ සිට වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 05 වැනිදා ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනෙකු විසින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකු ගමන් කළ සුඛෝපභෝගී ජීප් රථයට වෙඩි තබා පලා ගියා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.