32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණ වැළඳී රැඳවියෙක් ජීවිතක්ෂයට

උණ වැළඳී රැඳවියෙක් ජීවිතක්ෂයට

උණ රෝගය වැළඳී මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙක් ඊයේ (20) පස්වරුවේ හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී 2023.12.03 වැනිදා මාලිම්බඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රැඳවියෙක් බවයි පොලීසිය පැවසුවේ.

මෙම රැඳවියා උණ රෝගය වැළඳීම හේතුවෙන් පසුගිය 17 වැනිදා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊයේ (20) හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන පාලටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.