27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටුකුරුන්දේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

කටුකුරුන්දේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ 7 හැවිරිදි දියණිය ද තුවාල ලබා
ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නමැති 38 හැවිරිදි තිදරු පියෙක්.

මියගිය පුද්ගලයා තම නිවසේ දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිටි අවස්ථාවේදීයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධයෙන් පුද්ගලයෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.