27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentට්‍රැක්ටරයක් පෙරළී දරුවෙක් ජීවිතක්ෂයට

ට්‍රැක්ටරයක් පෙරළී දරුවෙක් ජීවිතක්ෂයට

මුලතිව්, පුදුකුඩිරිප්පු පොලිස් වසමට අයත් තෙරවිල් වංගුවේදී ට්‍රැක්ටරයක් පෙරලීමෙන් එහි ගමන් කළ තරුණයෙකු මියගොස් තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (20) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම තරුණයා එම ප්‍රදේශයේ පිහිටි කන්නගි අම්මාන් කෝවිලේ පොංගල් උත්සවය සඳහා ගමන් කරමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ට්‍රැක්ටරයක නැගී කන්නගී අම්මාන් කෝවිලට යමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකිව පෙරලී තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ උලවනූර් ප්‍රදේශයේ පදිංචි ආර්.මිතුසිගන් නමැති 16 හැවිරිදි පිරිමි දරුවෙකි.

බරපතළ තුවාල ලැබූ තරුණයින් පුදුකුඩිරිප්පු මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් මුලතිව් රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.