29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු පැතිරීමේ අවදානමක්

ඩෙංගු පැතිරීමේ අවදානමක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරි දිනවලදී ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මේ වනවිට ඩෙංගු රෝගීන් 23,000ක් වාර්තා වී ඇති බවයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මේ වසරේදී ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.