― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදිනේෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ තිදෙනෙක් අල්ලයි

දිනේෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ තිදෙනෙක් අල්ලයි

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දිනේෂ් වසන්තගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වයස අවුරුදු 17ක, 26 ක තරුණියන් දෙදෙනෙකු හා පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්තව සිදුකරනු ලබන යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) ගම්පහ පොලිස් වසම් බටපොත ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කඳමුල්ල ආරචිචිගේ දිනේෂ් වසන්ත නැමැති අය සමඟ සම්බන්ධතා පවත්වමින් දිගු කලෙක පටන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබු ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 300ක්, විද්‍යුත් තරාදියක් හා යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මාදෙල්ගමුව, බටපොත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 560 ක් සමඟ හා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26 කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 270 ක්, ජාවාරමින් උපයා ගත් රුපියල් 5,200ක මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.