29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදින තුනක සිට දරුවෙක් අතුරුදන්

දින තුනක සිට දරුවෙක් අතුරුදන්

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව මදුරන්කුලිය පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් එලෙස අතුරුදන් වූ සිසුවාගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලබන 12 හැවිරිදි නෙතුසර ප්‍රියනන්ද නැමැති සිසුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

මදුරන්කුලිය නගරයේ දිවි ගෙවූ නෙතුසරගේ මව රැකියාවක් සඳහා විදේශගතව සිට ඇති අතර සිසුවා මිත්තණියගේ නිවසේ නැවතී සිට තිබෙනවා.

කෙසේනමුත් පසුගිය 18 වැනිදා නෙතුසර කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති අතර මෙතෙක් නිවසට පැමිණ නොමැති බව ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම සිසුවා අතුරුදන් වන විට සුදු කමිසයක් සහ නිල් පැහැති කලිසමකින් සැරසී සිට ඇති බව සඳහන්.

අතුරුදන් වූ සිසුවා පිළිබඳ තොරතුරක් වෙතොත් වහාම 0322268221 පොලිස් ස්ථානයට හෝ 0718592927 යන අංකවලට දැනුම්දෙන ලෙස මදුරන්කුලිය පොලීසිය පවසනවා.