බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීම සඳහා වහාම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.