28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථයක් පෙරළී 06 දෙනෙක් රෝහලේ

බස් රථයක් පෙරළී 06 දෙනෙක් රෝහලේ

මුලතිව්, වට්ටප්පලෙයි කන්නගී අම්මාන් කෝවිලේ සිට යාපනය බලා යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මුලතිව්, වට්ටප්පලෙයි කන්නගී අම්මාන් කෝවිලේ ඊයේ පැවති පොංගල් උත්සවයට සහභාගි වූ බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් පුනරීන්, සංගුපිට්ටි පාලම ආසන්නයේදී පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් බස් රථයේ ගමන් ගත් 06 දෙනෙකු තුවාල ලබා පුනරින් දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.