25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිඳි ඔයේ ගිලී අයෙක් ජීවිතක්ෂයට

කිරිඳි ඔයේ ගිලී අයෙක් ජීවිතක්ෂයට

වැල්ලවාය, කිරිඳි ඔයේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මදුරුව තුනේ කණුව ප්‍රදේශයේ කිරිඳි ඔයේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (21) රාත්‍රියේ ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සැක පළ කරන්නේ දියේ ගිලීමෙන් මෙම මරණය සිදු වන්නට ඇති බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සදහා සිරුර වැල්ලවාය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.