32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකෝටි 20ක කොකේන් සමඟ විදෙස් කතක් අත්අඩංගුවට

කෝටි 20ක කොකේන් සමඟ විදෙස් කතක් අත්අඩංගුවට

රුපියල් කෝටි 20ක වටිනාකමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක්.

ඇය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් ආරම්භ කර, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබුණි. ඉන්පසුව ඇය එතැන් සිට ඊයේ (21) පස්වරුවේ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය සිය ගමන් මල්ල තුළ  මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමඟ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861 ක් බරැති මෙම  කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 ක් ද සඟවා ගෙන මෙරටට රැගෙන විත් තිබෙනවා.

ඇයට සිය යෙහෙළියක් මෙම ගුවන් ගමන සම්බන්ධීකරණය කර දී තිබූ අතර ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන විත් භාර දීම සඳහා ඇමෙරිකානු ඩොලර් 1,000 ක මුදලක් ද , ඊට අමතරව මෙම ගුවන් ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර සහ දින 05 ක් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල්වල නැවතීම සදහා අවශ්‍ය පහසුකම් ද සපයා දීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම කාන්තාව මීට පෙර මැලේසියාව සහ ඉන්දියාව වෙත ද මේ ආකාරයට කුළුබඩු අඩංගු පාර්සල් අතර කොකේන් මත්ද්‍රව්‍ය සගවා ගෙන රැගෙන ගොස් ඇති බව රේගු නිලධාරීන් හමුවේ ඇය අනාවරණය කර තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.