29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනැගණියගේ සැමියා අතින් අවසන් ගමන් ගිය මස්සිනා

නැගණියගේ සැමියා අතින් අවසන් ගමන් ගිය මස්සිනා

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ලසන්ත පුෂ්ප කුමාර නමති 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

පොලිස් විමර්ශනවලදී අනාවරේණය වී ඇත්තේ මෙලෙස මියගිය පුද්ගලයා තම නැගණිය හා ඇයගේ සැමියා සමඟ දීර්ද කාලයක සිට අමනාපයෙන් පසුව ඇති බවයි.

මියගිය පුද්ගලයා තවත් යහළුවන් කිහිපදෙනෙකු ද සමඟ මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේ පදිංචි තම නැගණියගේ නිවසට ගොස් ඇති අතර එහිදී නැවතත් ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

පසුව එම ආරවුල ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එහිදී නැගණියගේ ස්වාමි පුරුෂයා මොහුට පහර දී තිබෙනවා.

පහර කෑ පුද්ගලයා එම නිවස අසළ පිහිටි අතුරු මාර්ගයේ බොහෝ වේලාවක් තුවාල සහිතව වැටී සිට ඇති අතර ඉන්පසුව ගෝනදුව ප්‍රාදේශීය රෝහලට සුවසැරිය ගිලන් රථයෙන් ඇතුළත් කොට තිබේ.

රෝහල්ගත කරන අතරතුර එම පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. පහරදීම සිදු කළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරොන්තුඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.