― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරේගු නිලධාරීන්ගේ ත්‍යාග මුදල් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

රේගු නිලධාරීන්ගේ ත්‍යාග මුදල් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

රේගු නිලධාරීන්ට වැටලීම් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි වී ඇත්තේ ඔවුන් සිදුකරන වැටලීම් ප්‍රමාණය වැඩිකිරීම නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවනවා.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මගින් හෙළි වී ඇති පරිදි 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අතර කාලය තුළදී රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නන්ට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් ත්‍යාග ලබාදීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඊයේ (21) සවස රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාමෙින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රේගු නිලධාරීන් සිදුකරන වැටලීම් සඳහා ලෝකයේ ඕනෑම රේගුවකින් රේගු නිලධාරීන්ට, ඔත්තු සපයන්නන්ට මෙන්ම රේගු නිලධාරීන්ට සහාය වන අනිකුත් දෙපාර්තමේන්තු නිලධාරීන්ට ද ත්‍යාග මුදල් පිරිනැමීම සිදුකරන බවයි.

දණ්ඩන වශයෙන් ලබාගන්නා මුදලින් මෙම ත්‍යාග මුදල් ලබාදෙන අතර සිදුකරන වැටලීම් වැඩි වනවිට ලබාදෙන ත්‍යාග ප්‍රමාණය ද ඉහළ යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ හා සමානවම රේගු ආදායමද වැඩි වී ඇති බව ප්‍රකාශ කළා.

ඒ අනුව මීට වසර කිහිපයකට පෙර රේගුවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 700 ක් පමණ වුවද එම ආදායම මේ වනවිට රුපියල් බිලියන 1000 ද ඉක්මවා ගොස් ඇති බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

රේගුව මගින් ලබාගන්නා දඩ මුදල්වලින් ත්‍යාග ලබාදීමේදී මෙතෙක් කලක් එම දඩ මුදලින් 30 % ක් රජයටත්, 20 % ක් වන්දි අරමුදලට සහ 50 % ක් වැටලීම් කළ නිලධාරීන්ට ලබාදීම සිදුවුවද, රේගු වෘත්තීය සමිති සහ රේගු පාලන අධිකාරිය සමඟ දිගින් දිගටම පැවැත්වූ සාකච්ඡාවලදී එකඟ වූ පරිදි මෙම තත්ත්වය වෙනස් කර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඒ අනුව මේ වනවිට එම රේගු දඩ මුදල්වලින් රජයට ලැබෙන ප්‍රමාණය 50 % ක් ලෙසත්, වන්දි අරමුදලට 5 % ක් සහ රේගු නිලධාරීන්ට 45 % ක් ලෙසත් සංශෝධනය කර, එය නීතියක් ලෙස සැකසීමට මුදල් අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කරමින් පවතින බවද ඔහු එහිදී සඳහන් කළා.

එසේම රේගු ත්‍යාග මුදල් බෙදීමේ කාර්යභාරය රේගු ආඥා පනත මගින්ම රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට පැවරුණු කාර්යයක් බවට පත්කොට ඇති බවත්, මෙම ආයතනවල බොහෝ විට නීතියෙන් පිටත දෙයක් සිදු නොවන බව තමන් විශ්වාස කරන බවද ඔහු එහිදී කියා සිටියා.