― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවීදුරු කටු සහිත පාන් අලෙවි කළ හිමිකරුට නඩු

වීදුරු කටු සහිත පාන් අලෙවි කළ හිමිකරුට නඩු

යාපනයේ වෙළෙඳසැලකින් මිලදී ගත් පාන් ගෙඩියක තිබී වීදුරු කැබලි හමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (21) මරුදනාර්මඩම් ප්‍රදේශයේ වෙළඳසැලකින් පුද්ගලයෙකු පාන් ගෙඩියක් මිලදී ගෙන තිබූ අතර එය ආහාරයට ගැනීමට යාමේදී පාන් ගෙඩිය තුළ තිබී වීදුරු කැබලි කිහිපයක් හමුව තිබෙනවා.

ඉන්පසු ඔහු ඒ පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වා ඇති අතර ඔහු විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සුන්නාගම් ප්‍රදේශයේ ජනප්‍රිය වෙළඳසැලකින් මෙම පාන් ගෙඩිය මිලදී ගෙන ඇති බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එම වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.