24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවීදුරු කටු සහිත පාන් අලෙවි කළ හිමිකරුට නඩු

වීදුරු කටු සහිත පාන් අලෙවි කළ හිමිකරුට නඩු

යාපනයේ වෙළෙඳසැලකින් මිලදී ගත් පාන් ගෙඩියක තිබී වීදුරු කැබලි හමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (21) මරුදනාර්මඩම් ප්‍රදේශයේ වෙළඳසැලකින් පුද්ගලයෙකු පාන් ගෙඩියක් මිලදී ගෙන තිබූ අතර එය ආහාරයට ගැනීමට යාමේදී පාන් ගෙඩිය තුළ තිබී වීදුරු කැබලි කිහිපයක් හමුව තිබෙනවා.

ඉන්පසු ඔහු ඒ පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වා ඇති අතර ඔහු විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සුන්නාගම් ප්‍රදේශයේ ජනප්‍රිය වෙළඳසැලකින් මෙම පාන් ගෙඩිය මිලදී ගෙන ඇති බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එම වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.