29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත් ඉරාන ජනපතිට ශෝකය පළ කරයි

සජිත් ඉරාන ජනපතිට ශෝකය පළ කරයි

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සාතිශය සංවේගය පළ කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර අසර්බයිජානයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍යවරයා වන ආචාර්ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ සහ තවත් රාජ්‍ය නිලධාරීන් 8 දෙනා වෙනුවෙන් සිය සාතිශය සංවේගය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (22) කටයුතු කළේය.

ඒ අද ඉරාන තානාපති කාර්යාලයේදී ඉරාන තානාපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුවයි.

මේ හදිසි අනතුරු සහ අභාවය අසා තමා ඉමහත් කම්පනයට පත් වූ බවත් ඉරාන ජනාධිපතිවරයාගේ මේ අනපේක්ෂිත අභාවය ශ්‍රී ලංකාවට සහ අප කලාපයට විශාල පාඩුවක් වූ බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.

එසේම ඉරාන ජනාධිපතිවරයා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසකට ආධාර උපකාර ලබා දුන් බවත් ඒවා කිසිදා අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉරාන තානාපතිවරයා හමු⁣වේ පැවසීය.