23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅතුරුදන් වූ සිසුවා විහාරස්ථානයකින් හමුවෙයි

අතුරුදන් වූ සිසුවා විහාරස්ථානයකින් හමුවෙයි

මීට දින කිහිපයකට පෙර මදුරන්කුලිය ප්‍රදේශයේදී අතුරුදන් වූ 12 හැවිරිදි පිරිමි දරුවා ඊයේ (22) කතරගම පිහිටි ගෞතම සදහම් අරණ විහාරයේ රැඳී සිටියදී සොයාගෙන තිබෙනවා.

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙතුසර ප්‍රියානන්ද නමැති සිසුවා පසුගිය 18 වැනිදා සිට අතුරුදන්ව ඇත.

සිසුවාගේ මව රැකියාවක් සඳහා විදේශගතව සිටින අතර සිසුවා මිත්තණියගේ නිවසේ නැවතී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිත්තණිය සමඟ ගැටුමක් ඇති කර ගැනීමෙන් පසුගිය 18 වැනිදා කිසිවකුටත් නොදන්වා නිවසින් පිටව ගිය සිසුවා නැවත නිවසට නොපැමිණි අතර පසුව ඥාතීන් විසින් මේ පිළිබඳව මදුරන්කුලිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ මෙම සිසුවා පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේ සිට කොළඹට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, පසුව කතරගම ගෞතම සදහම් අරණ විහාරයේ සිටින බවත්ය.

පොලීසිය විසින් සිසුවා නැවත නිවසට රැගෙන ඒමට විහාරස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සිසුවා පොලීසිය හමුවේ පවසා ඇත්තේ තම ආශාව බෞද්ධ භික්ෂුවක් වීම බවත් තමන් ආරාමය හැර වෙනත් කිසි තැනකට නොයන බවත්ය.