23.9 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහුංගල්ලේ වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

අහුංගල්ලේ වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

පසුගිය 10 වැනිදා අහුංගල්ලේදී සිවනෙත්ති පියල් ගාමිණී ද සිල්වා යන අය ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (22) අහුංගල්ල පොලිස් වසමේ අංක 567/A, වැලිකන්ද, අහුංගල්ල ලිපිනයේ වැටලීමක් සිදු කර ඇත.

එහිදී 2024.05.10 වැනිදා අහුංගල්ල පොලිස් බල ප්‍රදේශයේ අංක 669/1, මරදාන, අහුංගල්ල ලිපිනයේ පදිංචි සිවනෙත්ති පියල් ගාමිණි ද සිල්වා යන වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයකු ජංගම දුරකථන 01ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.