28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගව සරම්ප රෝගය ජීවිත 135ක් බිලිගනී

ගව සරම්ප රෝගය ජීවිත 135ක් බිලිගනී

මධ්‍යම පළාතේ ගවයින්ට පැතිර යන ගව සරම්ප රෝගය හේතුවෙන් ගවයින් 135 දෙනෙකු මියගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල පවසනවා.

රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වන සරම්ප මර්දනය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමට පශු සම්පත් නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ.

දැනට පවතින එන්නත් ප්‍රමාණය රෝගය පාලනයට ප්‍රමාණවත් නොවන්නේ නම් හදිසි අවශ්‍යතාවයක් යටතේ ඒවා ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පවසනවා.

ආසාදිත සතුන්ගේ කිරි සහ මස් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති නොවන බවත් මෙම රෝගය මිනිසුන්ට වැළඳීමේ අවදානමක් නොමැති බවත් වෛද්‍ය හේමාලි කොතලාවල වැඩිදුරටත් පැවසුවාය.