28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමඩකලපුව රෝහලේ විස්මයජනක දරු උපතක්

මඩකලපුව රෝහලේ විස්මයජනක දරු උපතක්

මඩකලපුව ශික්ෂණ රෝහලෙන් විස්මයජනක ස්වභාවික දරු ප්‍රසූතියක් පිළිබඳ පුවතක් වාර්ත වනවා.

ඒ අනුව මවක් ස්වභාවික දරු ප්‍රසූතියක් මගින් නිරෝගී දරුවන් සිවුදෙනෙක් බිහිකර තිබෙනවා.

මඩකලපුව ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඉතිහාසය තුළ මෙවන් සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙයයි.

මඩකලපුව, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ කරිකරන් ක්‍රිෂ්ණවේණි නම් මවක් මෙම දරුවන් බිහිකර තිබෙනවා.

මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සරවනන් පැවසුවේ මෙවැනි ස්වභාවික දරු ප්‍රසූති පිළිබඳ සිදුවීම් වෛද්‍ය ඉතිහාසයේ දුර්ලභ බවයි.

මෙළොව එළිය දුටු දරුවන් සිවුදෙනා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.