― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsඅනියම් පෙමක් මරණයෙන් කෙළවර වෙයි

අනියම් පෙමක් මරණයෙන් කෙළවර වෙයි

අනියම් පෙමක් හේතුවෙන් බිරිඳගේ අනියම් සැමියා විසින් නීත්‍යනුකූල සැමියා ඝාතනය කිරීමේ පුවතක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ රාගම, නාරංගොඩපාළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසු වූ නාරංගොඩපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ
මියගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනය සිදු කළ පුද්ගලයා හා ඝාතනයට ලක් වූ සැමියාගේ බිරිඳ රාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.