― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපෝයට හොරෙන් මත්පැන් විකුණූ අයෙක් පොලිස් දැලේ

පෝයට හොරෙන් මත්පැන් විකුණූ අයෙක් පොලිස් දැලේ

වෙසක් පොහොය දිනයේ වැඩි මුදලට අලෙවි කිරීම සඳහා බලපත්‍ර නොමැතිව මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සමඟම මත්පැන් අලෙවි කිරීමෙන් උපයාගන්නා ලද මුදල් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (23) යාපනය පොලිස් වසමේ මඩම පාර, ගුරුනගර් යන ලිපිනයේ පිහිටි වෙළදසැලක් තුළදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී බලපත්‍ර නොමැතිව රජයේ සීල් අරක්කු 180 ml බෝතල් 25 ක් වෙසක් පොහෝ දා වැඩි මුදලට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.