30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍ර සඳහා වූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 3,422ක් ඉන් සමත් වී ඇති බවයි.

විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk වෙබ් අඩවියේ මැයි 27 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන අතර විභාගය සමත් වූවන් සඳහා වෛද්‍ය පරීක්ෂණය මැයි 28 වැනිදා ආරම්භ වනවා.

විභාගය සමත් අපේක්ෂකයින් සඳහා වන සම්මුඛ පරීක්ෂණය කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමන සම්පත් මධ්‍යස්ථාන සහ පුහුණු මධ්‍යස්ථානවලදී ජුනි 06, 07 සහ 10 යන දිනයන්හිදී පැවැත්වෙනු ඇති.