32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියේ ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ල, බූස්ස, පින්තලිය හන්දියේදී දුම්රියේ ගැටීමෙන් යතුරුපැදියක ගමන් ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමට අයත් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 18, 19, 19 හැවිරිදි තරුණයින් තිදෙනෙක් බවයි.

බූස්ස, පින්තලිය හන්දියේ ආරක්ෂක හරස් මාර්ගයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම තරුණයින් තිදෙනා ඊයේ (23) පස්වරුවේ දන්සල්වලට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.