29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයින වටා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම සබරගමුව පළාතෙත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.