30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසාහි සරණාගත කඳවුරකට ප්‍රහාරයක්

ගාසාහි සරණාගත කඳවුරකට ප්‍රහාරයක්

ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනකට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ තම ගුවන් හමුදාව රෆාහි හමාස් සංවිධානයේ කඳවුරකට ‘නිරවද්‍ය බුද්ධි තොරතුරු මත’ ප්‍රහාරයක් එල්ල කළ බවයි.

ඊශ්‍රායලයේ ටෙල්අවිව් වෙත හමාස් සංවිධානය රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් සඳහන්.

පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදායින් පසු හමාස් සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය වන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමාස් සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා නගරයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මෙලෙස ටෙල්අවීව් වෙත මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවයි.