― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපාසල් සිසුවියකට හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

පාසල් සිසුවියකට හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

යාපනයේ පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ යාපනයේ පාසලක උගන්වන ගුරුවරයෙකු විසින් 10 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනය කර ඇති බවයි.

අපයෝජනයට ලක් වූ සිසුවිය ඒ බව දෙමාපියන්ට දැනුම් දීමෙන් පසු දෙමාපියන් විසින් ගුරුවරයාට එරෙහිව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ගුරුවරයා අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර විනිසුරුවරයා නියෝග කර ඇත්තේ ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එමෙන්ම වැඩිදුර විමර්ෂනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගුරුවරයා විසින් තවත් සිසුවියන් කිහිප දෙනෙකු ද අපයෝජනයට ලක් කර ඇති බවයි.