― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලක්ෂ 05ක වාලම්පුරියක් සමඟ අත්අඩංගුවට

ලක්ෂ 05ක වාලම්පුරියක් සමඟ අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වාලම්පූරියක් බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසකට අලෙවි කිරීමට තැත් කළ අයෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වියේ පසුවන ධීවරයෙකු බවයි කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පවසන්නේ.

කටුනායක පොලිසියට ලද තොරතුරක් මත මෙම වාලම්පුරිය මිලදී ගන්නා මුවාවෙන් මෙම ධීවරයා කටුනායක, 18 කණුව මංසන්ධිය වෙත කැඳවා අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයා අද (27) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.