25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් ගමනක් අතරතුර 12ක් රෝහලට

ගුවන් ගමනක් අතරතුර 12ක් රෝහලට

දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් තිබූ කටාර් එයාර්වේස් ගුවන් යානයක් වායු කැළඹීමකට ලක්වීමෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඩබ්ලින් ගුවන්තොටුපොළ නිවේදනය කරන්න්නේ ඹෝඉන්ග් 787 ඪ්‍රේම්ලිනෙර් ගුවන් යානය ආරක්ෂිතව සහ නියමිත පරිදි ගොඩ බැස්වූ බවයි.

ගුවන් යානය තුර්කියට ඉහළ අහසේදී මෙම හදිසි තත්ත්වයට මුහුණ දී තිබුණා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මගීන් පැවසුවේ යානය ක්ෂනිකව පහළට ඇද වැටීමේදී ඇතැම් මගීන් උඩ විසිවී යානයේ වහලේ ගැටුණු බවයි.

පසුගිය සතියේද සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් වායු කැළඹීමකට ලක් වීමෙන් මගියෙක් මිය ගොස් තවත් 80කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

මෙම සිද්ධීන් සමඟ බොයිං ගුවන්යානාවල ආරක්ෂණ පිරිවිතරයන් සම්බන්ධයෙන් යළි මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා.