දිස්ත්‍රික්ක 7ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, නුවරඑළිය, රත්නපුර, මහනුවර, කෑගල්ල, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නේ.