26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsIPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) සමත් විය.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ බොලිවුඩ් නළු ශාරුක් ඛාන් විසින්.

චෙන්නායි හි පැවති එම තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ගැටුණා.

ඒ අනුව කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

හයිද්‍රාබාද් ඉනිම වාර්තා අතරට එක් වුණේ ඓඵ්ළ් තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක දී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

අනතුරුව කොල්කටා පිතිකරුවන් පන්දුවාර 10යි පන්දු 03ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 114ක ඉලක්කයක් හඹා ගියා.

එම ඉලක්කය හඹා යෑමේ දී ආරම්භක පිතිකරු ලකුණු 39ක් රැස්කළ අතර හයිද්‍රාබාද් පන්දු යවන්නන්න්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් රැස් කළා.