― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී වඳුරැස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි වඳුරැස්ස, ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

මෙම පුද්ගලයා මසුන් ඇල්ලීම සඳහා වැවට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේදී ඔහුගේ මළ සිරුර වැවේ තිබී සොයාගෙන තිබෙනවා.

වැව අසළ සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනකින් ජලයට විදුලිය කාන්දු වී මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණණයෙන්ද අනාවරණය වී ඇත්තේ මෙම මරණය විදුලි සැර වැදීම හේතුවෙන් සිදුවූවක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.