29.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකැනඩා සිහිනය පෙනි පෙනී අවසන් ගමන් ගිය තරුණයා

කැනඩා සිහිනය පෙනි පෙනී අවසන් ගමන් ගිය තරුණයා

අධික වේගයෙන් යතුරුපැදියක් පැදවූ තරුණයෙකු තාප්පයක ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගියදා (26) රාත්‍රියේ චාවකච්චේරි – පුත්තූර් මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ චාවකච්චේරි – මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පී.පනුජන් නමැති තරුණයෙකි.

අනතුර සිදු වූ දිනට පසුදින අදාළ තරුණයා කැනඩාව බලා පිටත්ව යාමට සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය චාවකච්චේරි රෝහලේ තැන්පත් කර ඇති අතර චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.