23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළට

ජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළට

මෙරට ජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් විදුලි උත්පාදනය ඉහළ ගොස් ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ.

ඒ අනුව ඊයේ දිනයේදී ප්‍රධාන ජලවිදුලි බලාගාර හරහා ගිගාවොට් 15.66ක විදුලිය උත්පාදනය කට තිබෙනවා.

එය සමස්ත විදුලි ජනන සැපයුමෙන් සියයට 41.91 කි.

ජල විදුලි සැපයුම වැඩිවීම හේතුවෙන් තාප විදුලිය නිෂ්පාදනය සියයට 25 කින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.