27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්නපුරයට ගංවතුර අනතුරු ඇඟවීමක්

රත්නපුරයට ගංවතුර අනතුරු ඇඟවීමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, කුරුවිට සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

ගංඟා ආශ්‍රිත ජනතාවට, පහත් බිම්වල සිටින ජනතාවට සහ දැනටමත් ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිතව සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.