හිටපු පළාත් සභා මන්ත්රී නිරෝෂන් පාදුක්ක ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු වරප්රසාදවල වත්කම් තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.
ශ්රී ලංකාවේ පුරවැසිභාවය නොමැතිකමින් පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අහිමි කළ ඩයනා ගමගේ මන්ත්රී ධූරය දැරූ කාලය තුළ පාර්ලිමේන්තු වරප්රසාද තුළින් ලබාගත් වත්කම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසයි මන්ත්රීවරයා ඉල්ලා සිටින්නේ.
ඇයගේ ධුර කාලය තුළ ලැබූ වැටුප් සහ රථවාහන පහසුකම් මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා වැය කළ මුදල් පිළිබඳ තොරතුරු ද මන්ත්රීවරයා ඉල්ලා තිබෙනවා.