26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළමු පුහුණු තරගයේ ජය නෙදර්ලන්තයට

පළමු පුහුණු තරගයේ ජය නෙදර්ලන්තයට

T20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු පුහුණු තරඟයේදී නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 20 ක ජයක් ලැබුවා.

ෆ්ලොරීඩා හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට 19 වැනි පන්දුවාරයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

පවර් ප්ලේ පන්දු වාර කිහිපය තුළ ලකුණු 30කට කඩුලු 4ක් බිඳ වැටී ශ්‍රී ලංකා මුල් පෙළ සැළකිව යුතු ලෙස අසාර්ථක වුණා. කෙසේවෙතත් වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෙන්වමින් පන්දු 15කදී වේගවත් ලකුණු 43ක් ලබාගත්තේ පිට පිට හයේ පහර 5ක්ද එල්ල කරමින්.

දසුන් ශානක නොදැවී ලකුණු 35ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළා.