― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපුද්ගලික ආරවුලක් නිසා පියා මරු තුරුළට

පුද්ගලික ආරවුලක් නිසා පියා මරු තුරුළට

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (28) සවස ගල්කිරියාගම, බණ්ඩාරපොතාන ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙපළකට පහරදීමක් සිදුකර ඇති අතර ඉන් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එම දෙපිරිස අතර මෙම ගැටුම හට ගෙන ඇති බවයි.

දෙපිරිස අතර ඇතිවූ එම ගැටුම දුර දිග යාමෙන් එක් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දීමක් සිදුකර ඇති අතර ඉන් එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පිය පුතු දෙපළක් වන අතර
ඉන් බරපතල තුවාල ලැබූ පියා ගල්කිරියාගම රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම, පුබ්බෝගම, බණ්ඩාරපොතාන ප්‍රදේශයේ පදිංචි නාවුරු අබ්දුල් හකීම් නමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.

37 හැවිරිදි අබ්දුල් හකීම් මොහොමඩ් අස්මල් නැමැති ඔහුගේ පුත්‍රයාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිශුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.