28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබත් පැකට්ටුවේ හැකරැල්ලෙක් - වෙළෙඳසැලටත් මුද්‍රා

බත් පැකට්ටුවේ හැකරැල්ලෙක් – වෙළෙඳසැලටත් මුද්‍රා

පසුගිය සිකුරාදා තිරුනෙල්වේලි ප්‍රදේශයේ අවන්හලකින් දිවා ආහාරය මිලදී ගත් පුද්ගලයෙකුගේ ආහාර පාර්සලයේ තිබී හැකරැල්ලෙක් හමුවූ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව මෙම ආපනශාලාවේ පරීක්‍ෂණයක් සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මීට පෙරද ඔවුන්ට ලබාදුන් උපදෙස් පිළිබඳව ඔවුන් අවධානයක් යොමු කර නොමැති බවයි.

ඉන් අනතුරුව පසුගියදා (27) වෙළඳසැලේ හිමිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

වෙළෙඳසැල් හිමිකරුට රුපියල් 45,000ක දඩයක් නියම කර ඇති අතර වෙළෙඳසැලේ අලුත්වැඩියා කටයුතු අවසන් වනතුරු වෙළෙඳසැලට මුද්‍රා තබන ලෙස මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නියෝග කර තිබෙනවා.