28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාසල් ළමුන් අතර දුම් පානය ඉහළට

පාසල් ළමුන් අතර දුම් පානය ඉහළට

9, 10 සහ 11 ශ්‍රේණිවල පාසල් සිසුන්ගෙන් සියයට 5.7ක් දුම්වැටි පානය කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

එලෙස දුම් පානයට ඇබ්බැහි වූ දරුවන්ගෙන් සියයට 34ක් සිය පළමු වැටිය පානය කර ඇත්තේ වයස අවුරුදු 12ට අඩු වයසින් වීම විශේෂත්වයක්.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ දිනකට දුම්වැටි පානය කිරීම හේතුවෙන් මෙරට පුද්ගලයන් 50 දෙනෙකු මියයන බවයි. ඒ අනුව දුම්පානය හේතුවෙන් වසරකට පුද්ගලයන් 20,000ක් පමණ මිය යන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

හෙටට (31) යෙදී ඇති ලෝක දුම්කොළ විරෝධී දිනයට අදාළව මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙනවා.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයට අනුව ශ්‍රී ලංකාවේ දුම්වැටි පරිභෝජනය සියයට 9.1 කින් අඩුවී ඇති අතර තරුණ පරපුරේ දුම්වැටි පරිභෝජනය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.

දුම්කොළ සමාගම් පෙන්වා දෙන අන්දමට පසුගිය වසරේ දුම්වැටි නිෂ්පාදනය සියයට 19කින් පහත වැටී තිබෙනවා.

ලෝකයේ දුම්වැටි පරිභෝජනය අඩුවන රටවල් අතර ශ්‍රී ලංකාව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළද තවමත් දුම්වැටි පානය කරන මිලියන 1.5ක් පමණ සිටින බවයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.